අපි start button එක click කරල start -> all
programs ->python3.2 location එකට ගියාම ඔබට පහත choices දැකගන්න පුළුවන් .
Python(command line)
Idle(python gui)
Module Docs
Python docs
මෙහි ඇති module docs වලට ගොස් open
browser වලට ගියහම python වල තියෙන
modules ගැන විස්තරයක් ඔබට
බලාගන්න පුලුවන්.
Python docs වල ඉතාම වැදගත් දේවල් ඔබට ඉගෙනගන්න පුළුවන්.එහි python 3.2
වල තියෙන අලුත් දේවල් ගැන
බලාගන්න පුළුවන් . ඒ වගේම python tutorial මෙහි තිබෙනවා.
Python command line එකට ගියාම පහත ආකාරයේ command line එකක් දැකගන්න පුළුවන්
.
මෙහි ඔබට python programs ලියල run කරන්න පුළුවන් .මෙහි ප්‍රෝග්‍රෑම්
එකක එක line එක ගානේ ලියල run කරන්න පුළුවන්.
ඒ වගේම මෙය සරල ගණිත කර්ම
කිරීම සඳහා ද පාවිච්චියට ගන්න පුළුවන්.
මෙය python program නිර්මාණය කිරීමට එතරම් හොඳ ක්‍රමයක් නොවුනත් ඔබට code
එකින් එක වැඩ කරනවද යන්න
බලාගන්න.ඉතාමත් හොඳ ක්‍රමයක්.
IDLE එකට ගියාම ඔබට එය python command line එකේම සරල graphical
interface එකක් කියල පෙනයි.නමුත්
මෙයින් ඉතාම විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්.ඔබට එයින් python command line එක තුල කරපු වේද සියල්ලම වාගේ කරගන්න පුළුවන්.
IDLE එක බාවිතයෙන් ඉතාම පහසුවන්
ඔබට python programs ලියන්න පුළුවන් .මෙය අනෙත් IDE වලින් සපයන ගොඩක් පහසුකම් ලබාගන්න පුළුවන්.
මෙහි File-> New Window වලින් අපට නව window එකක් ලබාගෙන Notepad එකේ වගේ programme ලියන්න පුළුවන් .
එහෙම ලියල Run ->Run Module path එකෙන් එහෙමත් නැත්නම් F5 key එක press කිරීමෙන් ඔබට code එක run කරගන්න පුළුවන්.
අපි ඉදිරි tutorials වලදී පාවිච්චි කරන්නේ IDLE එක.එම නිසා මෙය භාවිතාකරන ආකාරය ඔබ පුහුණුවෙන්න.
No comments:
Post a Comment