Sunday, January 27, 2013

Data Types සහ variables භාවිතය

අපි programe ලියනකොට විවිධ දේවල් දත්ත හැටියට ඇතුල් කරන්න වෙනවා.අපි ඒවා save කරල තියාගන්නේ variable වල.උදාහරණයක් විදියට අපි user ගේ id no එක data එකක් විදියට ගන්නවා කියමුකො. එතකොට අපිට  එක idno කියල variable එකක save කරලා තියාගන්න පුළුවන්.ඊට පස්සේ අපිට id number එක ඕනේ වෙන වෙලාවට idno කියන variable එකට call කරලා අපිට අදාල අංකය ලබාගන්න පුළුවන්.
අපි python වල data types කිහිපයක් භාවිතා කරනවා.integer,float,string, ඒවගෙන් කිහිපයක්.
integer කියන data type එකේ ඕනෙම පුර්ණ සන්ක්යාවක් දාන්න පුළුවන්.ඒ කියන්නේ 2,3-4 ,-100 වගේ දශම නැති ඉලක්කම්.
float කියන data type එකේ ඕනෙම දශම සන්ක්යාවක් දල තියන්න පුළුවන්.
string කියන data type එකේ ඕනෙම character වර්ගයක ඕනෙම ප්‍රමාණයක් දල තියන්න පුළුවන්.උදාහරණයක් විදියට  කාගෙහරි නම,ලිපිනය වගේ දේවල් දල තියන්නේ string වල.ඒ වගේම ගණිත කර්ම වලට පාවිච්චි නොකරන ඉලක්කම් උනත් දාල තියන්නේ string වල.(උදා - දුරකථන අංකය)

අපි දැන් බලමු variable එකක් declare කරන්නේ කොහොමද  කියල.
අපි හිතමු a කියල variable එකක 30 කියන වලුඑ එක සවේ කරන්න ඕනේ කියල.එකට චොදේ එක ලියන්නේ මෙහෙමයි.(මම මෙතන ඉඳන් ලියන code ඔක්කොම ලියන්නේ idle එකේ. එකේ ප්‍රොම්ප්ට් එක තමයි  >>> වලින් පෙන්න්නන්නේ)
>>> a=30
>>>
අපි දැන් බලමු a කියනvariable එක save වෙලාද  කියල ඒකට මේ චොදේ එක ගහල බලමු.
>>> a
30
>>>
අපි කලින් print command එක පාවිච්චි කරලා තියෙනවා.අපි දැන් a කියන variable එක print කරන හෙටි බලමු.
>>>print (a)
30
>>>
ඕනෙම වර්ගයක variable එකක් declare කරන්නේ මේ විදියටම තමයි.'
උදා -අපි හිතමු ඔබේ නම සහ වයස variable වල save කරල ඒ variable print කරන්න ඕනේ කියල.එතකොට මෙහෙමයි කරන්නේ.
>>> name="amila sandaruwan"
>>> age=23
>>> print("your name ",name," your age ",age)
your name  amila sandaruwan  your age  23
>>>

මෙහි name කියන variable එක string එකක් ඒ වගේම age කියන variable එක integer එකක් හැටියටි සවේ වෙලා තියෙන්නේ.අපි string එකකට value එකක් දෙනකොට එක අපි දෙන්නේ "  " සලකුණ ඇතුලේ.උදාහරණයක් විදියට ඉහත උදාහරණයේ amila sandaruwan කියන නම දීල තියෙන්නේ " " සලකුණ ඇතුලේ.
අපි කැමතිනම් අංකයක් උනත් string එකක් හැටියට දෙන්න පුළුවන්.උදාහරණයක් විදියට දුරකථන අංකයක් ගනිමුකෝ.
>>>tpno="071452960"
>>>
මෙහෙම " " සලකුණු ඇතුලේ දුන්නම ඕනෙම value එකක් ගන්නේ string එකක් විදියට.
 >>> tpno
'071452960'

>>>
ඔබට string එකක් පෙන්නන්නේ ' ' සලකුණු ඇතුලේ එකෙන් ඉතාම පහසුවෙන් string එකක් හදුනා ගන්න පුලුවන්.එක ඔබට ඉහත උදාහරනයෙනුත් බලාගන්න පුළුවන්.අපි name කියන variable එක save කලෙත් string එකක් හැටියට.අපි බලමු එකත් පෙන්නන්නේ ඒ විදියටමද කියල
>>> name
'amila sandaruwan'

>>>

ඒ විදියටම '  ' සලකුණ ඇතුලේ තමයි එකත් පෙන්නන්නේ.

සාමාන්‍යයෙන් වෙනත් පරිගණක භාෂා වල අපි variable එකක් declare කරනකොටම data type එක අපි විසින් ලබා දෙනවා.නමුත් python වල එවැන්නක් සිද්ද වෙන්නේ නැහැ.ඒ වෙනුවට සිදුවෙන්නේ අපි variable එකට දෙන අගයට අනුව variable එකේ data type එක python compiler එක මගින් තීරණය කිරීම.අපිට අවශ්‍ය නම් එකම variable name එකේ පළමුව string එකකුත් පස්සේ integer එකකුත් උනත් save කරලා තියන්න පුළුවන්.
උදා-අපි මුලින් a කියන වරෙඅබ්ලේ එකේ 30 කියන integer එක සවේ කලා.
අප දැන් එකේම sahan කියන නම save කරමු.
>>> a="sahan"
>>> a
'sahan'

>>>
 
දැන් ඔබට පේනවා කලින් integer එකක් save වෙලා තිබුණු variable එකේ දැන් string එකක් save වෙලා තියෙන බව.


අපි ඊලඟට බලමු හරියටම variable එකක data type එක හඳුනාගන්නේ කියල.
මේ සඳහා python වලින් හඳුන්වා දුන්න method එකක් තියෙනවා.ඒ තමයි  type කියන method එක.
අපි මේක භාවිතා කරන්නේ මෙහෙයි.
type (variable name එක )

උදා-
>>> type (a)
<class 'str'>
>>> type (name)
<class 'str'>
>>> type (age)
<class 'int'>
>>> height=1.45
>>> type (height)
<class 'float'>
>>> 


data types ගැන දැනට කියන්න තියෙන්නේ මෙච්චරයි.ඔබට මේකේ නොතේරෙන තෙනක් තියෙනෙවනම් හරි මේකේ හොද නරක ගෙන හරි වෙන ඕනෙම දෙයක් ගෙන comment එකක් දල යන්න.මේ මුළු පොස්ට් එකේම code කරපු idle එකේ ෆොටෝ එකක් පහතින්  තිබෙනවා.