අපි දැන් python වලින් පලවෙනි program එක ලියන්නි යන්නේ.ඉස්සෙල්ලාම Notepad එක Open කරගන්න.(Notepad වෙනුවට programming වලටම හදපු Notepad++,gedit වගේ software එකක් පාවිච්චි කරනවානම් ඔබට ඉතාම පහසු වෙයි.මෙම software අන්තර්ජාලයෙන් නොමිලේ download කරගන්න පුළුවන්)
ඊට පස්සේ File menu එකේ save As වලට ගිහින් ඔබට අවශ්‍ය පාත් එක දීල helloworld.py කියන නමින් File එක Save කරගන්න.මෙහි py කියන extension එක තමා මේක python program එකක් කියල හදුනාගන්න භාවිතා කරන්නේ.එමනිසා ඔබ ඉදිරියට ලියන හැම program එකක් අගටම .py කියන කොටස එකතු කරන එක අත්‍යාවශ්‍යයි.ඒ වගේම Sava as type එකට All Files දෙන්න අමතක කරන්නත් එපා.
ඊට පස්සේ notepad එකේ print ('Hello World') යනුවෙන් type කරල save කරන්න. මේක තමයි පළමුවන python program එක. මේ program එකෙන් කරන්නේ Hello World කියල command prompt එකේ print කරන එක.හරිම සරලයි නේද?. ඔබ මීට කලින් වෙන programing language එකක් ඉගෙනගෙන තියෙනවනම් ඔබට මේ code එක කෙතරම් කෙටිද කියල තේරෙනවා ඇති. මම උදාහරණයක් විදියට මෙම code එකම java
වලින් ලියල පෙන්නන්නම්.
public class helloworld {
public static void main(String[] args) {
System.out.println("Hello World");
}
}
ඔබට දැන් තේරෙනවා ඇති python වල ඇති සරල බව.
අපි දැන් අපේ helloworld.py කියන program එක run කරල බලමු.
ඉස්සෙල්ලාම command prompt එක open කරගන්න.ඒ සදහා start->All programs->command prompt වෙත පිවිසෙන්න.ඊට පස්සේ command prompt එකෙන් ඔබ file එක save කරපු location එකට යන්න.
command prompt එකේ cd foldername යනුවෙන් type කිරීමෙන් ඔබට වෙනත් folder එකකට මාරු වෙන්න පුළුවන්.ඒ වගේම cd.. විධානය භාවිතයෙන් කලින් folder එකට මාරු වෙන්න පුළුවන්.dir කියන command එකෙන් ඔබ ඉන්න folder එක තුල තිබෙන files සහ folders බලාගන්න පුළුවන්.ඒ වගේම ඔබට වෙනත් partition එකකට යන්න ඕනේ නම් ඒ partition එකේ letter එක එක්ක : ලකුණ භාවිතා කරල partition එකට යන්න පුළුවන්.(උදා: d:)
ඔබට මේ command භාවිතා කරල ඔබේ file එක save කරල තියෙන තැනට යන්න.අපි හිතමු file එක save කරල තියෙන්නේ d කියන partition එකේ programming කියන folder එකේ තියෙන blog කියන folder කියල. එතකොට location එකට යන හැටි ඔබට පහත රූපයෙන් බලාගන්න පුළුවන්.(command prompt එක භාවිතා කරන විදිය ගෙන ලිපියන් මම ඉදිරියේදී මම ඉදිරිපත් කරන්නම්)
දැන් අපි අපේ පලවෙනි ප්‍රෝග්‍රෑම් එක රුන් කරල බලමු.සාමාන්‍යයෙන් බොහොමයක් language වල program එක compile කරල ඒ හැදෙන file එක run කිරීමයි. නමුත් python වල මේ දෙකම එකවර සිදු වෙනවා.
python helloworld.py යනුවෙන් type කර enter කිරීමෙන් ඔබට මෙම ප්‍රෝග්‍රෑම් එක run කරගත හැකියි.
හොඳ වැඩක්
ReplyDelete