Saturday, September 15, 2012

Windows Command Prompt එක භාවිතා කරන්නේ මෙහෙමයි

windows එක්ක එන command prompt(CMD) එක සාමාන්‍ය users ල එතරම් පාවිච්චි කරන්නේ නැහැ .නමුත් programming කරනකොට command prompt එක පාවිච්චි කරන්න අපිට සිදුවෙන අවස්ථා එමටයි.ඒ වගේම සාමාන්‍ය users ලටත් command prompt එක බාවිතයෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් .
ඔබට start -->all programs --> accessories --> command prompt මගින් ඔබට command prompt එකට පිවිසෙන්න පුළුවන්.එහෙම නැත් නම් Run Window එකේ cmd  කියල Run කරන්න.

එවිට ඔබට කලුපාට Background එකක සුදු පාටින් අකුරු සහිත window එකක් ලැබේවි.මෙහි ඔබට අවශ්‍ය Command එක type කර Enter Button එක එබීම තුලින් ඔබට අවශ්‍ය Command එක run කරගන්න පුළුවන්.
ඔබට මෙහි command ලියනකොට lower case හෝ upper case යන දෙ ආකාරයම පාවිච්චි කරන්න පුළුවන් .Windows වල Command Prompt එක
Command Prompt එකේ help කියල type කරල Enter කරල CMD එකේ පාවිච්චි කරන්න පුළුවන් Command       සියල්ලම බලාගන්න පුළුවන් .මම මේ ලිපියෙන් මේ Command බොහොමයක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
සාමාන්‍යයෙන් DOS command එකක කොටස් තුනක් දැකගන්න පුළුවන්.

  • Command Format
මෙය Command එකයි.මෙය තුලින් තමයි කල යුත්තේ කුමක්ද යන විදානය ලබා දෙන්නේ.
උදා-dir,cd 
  • Parameters
මේ තුලින් command එකට් අවශ්‍ය අතිරේක දත්ත ලබා දෙන්න පුළුවන්.
උදා-copy command එකට copy කල යුතු file එකේ නම සහ copy විය යුතු ස්ථානයේ path එක parameters ලෙස ලබාදිය යුතු වෙනවා.
  • Options
options භාවිතා කිරීමෙන් අදාළ command එකට අතිරේක කාර්ර්යයන් පවරන්න පුළුවන්.සෑම option එකකටම පෙර ' / ' ලකුණ යොදාගතයුත් වෙනවා.
උදා: Dir /p
        Dir /w  


අපි දැන්  Command එක එකක් ගැන සාකච්ඡා කරමු.

එක් partition එකකින් තව partition එකකට මාරු වීම. 
partition එකේ label එකේ නම සමඟ colon(:) යොදන්න
 උදා -ඔබට d කියන partition එකට මාරු වෙන්න අවශ්‍ය නම් d: යන command එක යොදාගන්න.

Command Prompt එකේ තිරය පිරිසිදු කිරීම.
ඔබ Command Prompt එක පාවිච්චි කරගෙන යනකොට එය  ලැබුණු result වලින් පිරී යාවි.එවිට CLS Command එක භාවිතා කිරීමෙන් CMD එකේ තිරය පිරිසිදු කරගන්න පුළුවන්.

ඔබ සිටින Folder එකේ ඇති files සහ folders බලාගැනීම
මේ සඳහා ඔබට Dir command එක පාවිච්චි කරන්න පුළුවන්.එවිට ඔබ සිටින Folder එකේ ඇති සියලුම files සහ Folders බලාගන්න පුළුවන් .නමුත් ඔබේ folder එකේ files විශාල ප්‍රමාණයක් තිබෙනවානම් එක්වර මේ සියල්ල බලාගන්න අපහසුයි. එවිට Dir /p command එක භාවිතයෙන් එහි ඇති files සහ folders පිටුවන් පිටුව බලාගන්න පුළුවන්.එක පිටුවක් බලා අවසානයේ අනිත් පිටුවට යාමට key board එකේ ඕනෙම key එකක් press කිරීමෙන් පුළුවන් .
මේ තුලින් files සහ folders පිළිබඳ තොරතුරු රැසක්ම බලාගන්න පුළුවන්.
මෙහි මුලින්ම දැක්වෙන්නේ file එක හරි folder එක හරි හදපු දිනය.දෙවන column එකෙන් දැක්වෙන්නේ එය හදපු වෙලාවයි.තුන්වන column එකේ <DIR> යනුවෙන් තිබෙන්නේ Directories නැත්නම් Folders.ඉන් පසුව දක්වෙන්නේ එය file එකක් නම් පමණක් එහි size එක bytes වලින් .අවසානයටම file එකේ හරි folder එකේ හරි නම දැක ගන්න පුළුවන්.ඔබට අවශ්‍ය ඉතා සුළු විස්තරයක් පමණක් නම් dir /w command එක භාවිතා කරන්න පුළුවන්.


No comments:

Post a Comment