Friday, August 31, 2012

Say Hello to python

අපි දැන් python වලින් පලවෙනි program එක ලියන්නි යන්නේ.ඉස්සෙල්ලාම Notepad එක Open කරගන්න.(Notepad වෙනුවට programming වලටම හදපු Notepad++,gedit වගේ software එකක් පාවිච්චි කරනවානම් ඔබට ඉතාම පහසු වෙයි.මෙම software අන්තර්ජාලයෙන් නොමිලේ download කරගන්න පුළුවන්)

ඊට පස්සේ File menu එකේ save As වලට ගිහින් ඔබට අවශ්‍ය පාත් එක දීල helloworld.py කියන නමින් File එක Save කරගන්න.මෙහි py කියන extension එක තමා මේක python program එකක් කියල හදුනාගන්න භාවිතා කරන්නේ.එමනිසා ඔබ ඉදිරියට ලියන හැම program එකක් අගටම .py කියන කොටස එකතු කරන එක අත්‍යාවශ්‍යයි.ඒ වගේම Sava as type එකට All Files දෙන්න අමතක කරන්නත් එපා.
ඊට පස්සේ notepad එකේ print ('Hello World') යනුවෙන් type කරල save කරන්න. මේක තමයි පළමුවන python program  එක. මේ program එකෙන් කරන්නේ Hello World කියල command prompt එකේ print කරන එක.හරිම සරලයි නේද?. ඔබ මීට කලින් වෙන programing language එකක් ඉගෙනගෙන තියෙනවනම් ඔබට මේ code එක කෙතරම් කෙටිද කියල තේරෙනවා ඇති. මම උදාහරණයක් විදියට මෙම code එකම java
වලින් ලියල පෙන්නන්නම්.

public class helloworld {

public static void main(String[] args) {
System.out.println("Hello World");
}
}
ඔබට දැන් තේරෙනවා ඇති python වල ඇති සරල බව.
අපි දැන් අපේ helloworld.py කියන program එක run කරල බලමු.
ඉස්සෙල්ලාම command prompt එක open කරගන්න.ඒ සදහා start->All programs->command prompt  වෙත පිවිසෙන්න.ඊට පස්සේ command prompt එකෙන් ඔබ file එක save කරපු location එකට යන්න.
command prompt එකේ cd foldername  යනුවෙන් type කිරීමෙන් ඔබට වෙනත් folder එකකට මාරු වෙන්න පුළුවන්.ඒ වගේම cd.. විධානය භාවිතයෙන් කලින් folder එකට මාරු වෙන්න පුළුවන්.dir කියන command එකෙන් ඔබ ඉන්න folder එක තුල තිබෙන files සහ folders බලාගන්න පුළුවන්.ඒ වගේම ඔබට වෙනත් partition එකකට යන්න ඕනේ නම් ඒ partition එකේ letter එක එක්ක : ලකුණ භාවිතා කරල partition එකට යන්න පුළුවන්.(උදා: d:)
ඔබට මේ command භාවිතා කරල ඔබේ file එක save කරල තියෙන තැනට යන්න.අපි හිතමු file එක save කරල තියෙන්නේ d කියන partition එකේ programming කියන folder එකේ තියෙන blog කියන folder කියල. එතකොට location එකට යන හැටි ඔබට පහත රූපයෙන් බලාගන්න පුළුවන්.(command prompt එක භාවිතා කරන විදිය ගෙන ලිපියන් මම ඉදිරියේදී මම ඉදිරිපත් කරන්නම්)
දැන් අපි අපේ පලවෙනි ප්‍රෝග්‍රෑම් එක රුන් කරල බලමු.සාමාන්‍යයෙන් බොහොමයක් language වල program එක compile කරල ඒ හැදෙන file එක run කිරීමයි. නමුත් python වල මේ දෙකම එකවර සිදු වෙනවා.
 python helloworld.py යනුවෙන් type කර enter කිරීමෙන් ඔබට මෙම ප්‍රෝග්‍රෑම් එක run කරගත හැකියි.


Thursday, August 30, 2012

python හදුනාගනිමු

python කියන්නේ ඉතාම පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් භාෂාවක්.මෙය කොතරම් සරල උනත් python යොදාගෙන නිර්මාණය කරපු ඉතාම සංකීර්ණ  programs ගොඩක් තියෙනවා.ඒ වගේම ඔබ කවදාහරි උබුන්ටු මෙහෙයුම් පද්ධතිය භාවිතා කරල තිබෙනවනම් එහි ගොඩක්  software ලියල තියෙන්නේ python උපයෝගී කරගෙන බව ඔබ දැනටමත් දැකලා ඇති.මෙහි තිබෙන විශේෂත්වය වෙන්නේ අනිත් programming languages(විශේෂයෙන් c,c++,java වලට වඩා) වලට වඩා codes අවම වීම.
මෙම programming language එක  ඔබට පහත ලින්ක් එකෙන් download කරගන්න පුලුවන්.මෙහි ඇති python  නවතම සංස්කරණය Download කරගන්න.මම මේ පාඩම් මාලාවට භාවිතා කරන්නේ python 3.2  සංස්කරණයයි.
http://www.python.org/getit/
මෙය සාමාන්‍ය මෘදුකාංගයක් විදියටම ඔබට install කරගන්න පුළුවන්.ඔබට notepad වැනි text editor එකක් භාවිතා කරල හරි, නැත්නම් python  සමග ඔබට ලැබෙන IDLE කියන මෘදුකාංගය භාවිතා කරලහරි ඔබට python වලින් program ලියන්න පුළුවන්
command prompt එකෙන් ඔබට programs run කරන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න.
පළමුව My Computer එකේ right click කරන්න.



එවිට ලැබෙන pop up menu එකෙන් properties click කරන්න.එවිට ලැබෙන window එකේ දකුණු පස ඇති Advanced system Settings මත click කරන්න.


එවිට ලැබෙන dialog box එකේ Advanced tab එකේ ඇති Environment Variables button එක click කරන්න. එවිට පහත Dialog box එක ලැබේ.

එහි System Variables වල path යන්න select කර Edit Button එක click කරන්න.එවිට පහත Dialog box එක ලැබේ.
මෙහි variable value හි අගට semicolon ලකුණ ( ; ) යොදා ඉන්පසුව python install කර ඇති folder එකහි path එක ඇතුල් කරන්න.සාමාන්‍යයෙන් c: හි python වැනි නමක් ඇති folder එකක් තුල python install(Ex-python 2.7 install වන්නේ python27 වූ folder එකක් තුලය, python 3.2 install වන්නේ python32 නම් folder එකක් තුලය. )

 ඉන්පසු ok click කරන්න.(මෙහිදී ප්‍රවේසම් වියයුතු කරුණ වන්නේ variable values තුල දැනටමත් තිබෙන path ඉවත් නොවන අයුරින් අලුත් path එක ඇතුල් කිරීමයි.යම් හෙයකින් තිබෙන path  ඉවත් උනොත් windows හි ක්‍රියාකාරීත්වයේ ගැටළු ඇතිවිය හැක.)