Tuesday, March 26, 2013

python හි අංක සහ ගණිතකර්ම භාවිතය-2 කොටස

.අපි කලින් කතා කලේ python වල අපිට ඕනේ විදියට function එකක් හදාගන්නේ කොහොමද කියන එක.අපි එක වරක් හදපු function  නැවත save කරලා තියල වෙනම program එකක උනත් use කරන්න පුලවන්.module එකක් කියන්නේ මේ වාගේ function කීපයක එකතුවක්.අපි දැන් බලමු python එක්ක එන වැදගත් module කීපයක්.අපි modules ගැන විස්තර පසුව කතා කරමු.
මුලින්ම අපි බලමු ගණිතමය කටයුතු සඳහා python සමග ලැබෙන module එක. මේකේ තිබෙන function නිතර use කරන ඒවා නෙමෙයි.එම නිසා මෙම math module එක python වලින් නිකන්ම call කරන්න බැහැ.ඉස්සර වෙලා මෙම module එක ඉම්පෝර්ට් කරගත යුතු වෙනවා.

>>> import math
>>>
command එක මගින් ඔබට math module එක ඉම්පෝර්ට් කරගන්න පුළුවන් අපි බලමු මේ සමග ලැබෙන
function මොනවද කියල.අපි math  type කරලා dot එකක් තියල ටික වෙලාවක් හිටියම ඔබට ඒ සමග ලැබෙන function ටික බල ගන්න පුළුවන්.

අපි මේ එක එකක් ගැන වෙන වෙනම බලමු.

math.ceil(x)
මේ මගින් දශම සන්කයාවක  ඊට පසුව ඇති පළමු පුර්ණ සංක්යාවට return කරනවා.
ex-අපි හිතමු 15.2 දැම්ම කියල පිළිතුර වෙන්නේ 16
මේ තියෙන්නේ තවත් උදාහරණයක්
>>> math.ceil(12.3)
13
>>>

math.copysign(x,y)
මෙහිදී function එක මගින්  x return කරනු ලබනවා.නමුත් x වල ලකුණ වන්නේ ය හි ලකුණයි.
ex-
>>> math.copysign(12,-3.2)
-12.0
>>> math.copysign(-12,-3.2)
-12.0
>>> math.copysign(-12,3.2)
12.0
>>>

 math.fabs(x)
මේ මගින් x හි මාපාංකය return කරනු ලබනවා.(මාපාංකය යනු ඕනෙම සන්කයවක  ධන අගයයි.මෙය ගණිතයේදී |  | සලකුණු අතර අදාළ සන්ක්යව යෙදීමෙන් පෙන්නුම් කරනවා.-12 මාපන්ක්යත් 12 මාපන්කයත් 12  මයි.)
උදා-
>>> math.fabs(12)
12.0
>>> math.fabs(-12)
12.0
>>>
 මෙය මත module එක ඉම්පෝර්ට් කරගන්නේ නෙතුවම හොයාගන්න පුළුවන් ඒ abs command එකෙන්
 >>> abs(-10)
10
>>>

 math.factorial(x)
මේ මගින් x හි ක්‍රමරෝපිතය ලබාදෙනවා.ක්රමාරෝපිතය ! සලකුණ මගින් ගනිතයීදී නිරුඋපනය කරනු ලබනවා.
3!-3 හි ක්රමාරෝපිතය
4!=4*3*2*1
7!=7*6*5*4*3*2*1*
උදා-
>>> math.factorial(4)
24
>>> math.factorial(12)
479001600
>>>

math.floor(x)
මේ මගින් දශම සන්කයවක ඊට කලින් ඇති පළමු පුර්ණ සන්කයව return කරනවා.
උදා-
>>> math.floor(12.78)
12
>>> math.floor(15.999)
15
>>>

 
math.exp(x)
ex මෙම මගින් return කරනු ලබනවා.

math.log(x,[base])
මෙම function එකට එක අගයක් පමණක් ලබා දුන්නන විට e පාදයට එම සන්ක්යාවේ ලගුගනකය ලබා දෙනවා
උදා-
>>> math.log(100)
4.605170185988092
අගයන් දෙකක් ලබා දුන් විට දෙවන අගයේ පාදයට පළමුවන පදයේ අගය ලබා දෙනවා
>>> math.log(100,10)
2.0
>>>
ඉහත දක්වා ඇත්තේ 10 පාදයට 100 හි ලගුගනකයයි.

math.log2(x)
දෙකේ පාදයට x හි ලගුගනකය ලබාදෙයි.

math.log10(x)
10 පාදයට x හි ලගුගනකය ලබාදෙයි.

math.pow(x,y)
මේ මගින් xy පිළිතුර ලෙස ලබාගත හැක.
උදා-
>>> math.pow(2,3)
8.0
>>> math.pow(100,10)
1e+20
>>>

math.sqrt(x)
මේ මගින් x හි වර්ගමුලය ලබා දෙයි.
 >>> math.sqrt(25)
5.0
>>> math.sqrt(2)
1.4142135623730951
>>>

math.hypot(x,y)
පිළිතුර ලෙස x2+y2 ලබාදෙයි.
>>> math.hypot(3,4)
5.0
>>>

math.degrees(x)
මෙහිදී x ලබාදිය යුත්තේ රේඩියන් වලිනි.මෙමෙ function එක මගින් එය අංශක බවට හරවයි.
>>> math.degrees(180)
10313.240312354817
>>> math.degrees(1)
57.29577951308232
>>>





math.radians(x)

 මෙහිදී x ලබාදිය යුත්තේ අංශක වලිනි.මෙමෙ function එක මගින් එය රේඩියන් බවට හරවයි.
>>> math.radians(180)
3.141592653589793
>>>

math.pi
මේ මගින් ෆයි නම් ගණිතමය සඳහා වන අගය ලබාදෙයි
>>> math.pi
3.141592653589793
උදා-අරය 7ක් වන වෘත්තයක වර්ගපලය සොයන්නට සිදු වුනායයි සිතන
>>> math.pi*7*7
153.93804002589985
>>>

math.e
මේමගින් e (අඝාත ශ්‍රිතය) අගය සොයාගත හැක.
>>> math.e
2.718281828459045

ත්‍රිකෝණමිතික ගණිතකර්ම සඳහා යොදාගන්නා functions.

math.sin(x)
sin x පිළිතුර ලෙස ලබාදෙයි.(මෙහි x රේඩියන් වලින් ලබාදිය යුතුය.)
>>> math.sin(math.pi/6)
0.49999999999999994
>>> math.sin(math.radians(30))
0.49999999999999994
>>>

math.cos(x)
cos x පිළිතුර ලෙස ලබාදෙයි.(මෙහි x රේඩියන් වලින් ලබාදිය යුතුය.)

math.tan(x)
tan x පිළිතුර ලෙස ලබාදෙයි.(මෙහි x රේඩියන් වලින් ලබාදිය යුතුය.)

 math.asin(x)
x හි sin ප්‍රත්ලෝමය ලබාදෙයි.(මෙහිදී sin අගය ලබා දුන් විට ඊට අදාළ කෝනය ලබාදෙයි.)
 >>> math.asin(0.5)
0.5235987755982989
>>>

 math.acos(x)
x හි cos ප්‍රත්ලෝමය ලබාදෙයි.
>>> math.degrees(math.acos(0.5))
60.00000000000001
>>>

math.atan(x)
x හි tan ප්‍රත්ලෝමය ලබාදෙයි.

 අපි මෙම ලිපියෙන්කතා කලේ python වල math function එක යොදාගන්න ආකාරයයි.මේ ලිපිය ගැන ඔබේ අදහස් වැරදි අඩුපාඩු comment එකක් ලෙස දමන්න.

No comments:

Post a Comment