Friday, February 8, 2013

python හි අංක සහ ගණිතකර්ම භාවිතය-1 කොටස

මුලින්ම කියන්නෝ ඕනේ මම මෙතන ඉඳල තියෙන ඔක්කොම පාඩම් වලට පාවිච්චි කරන්නේ python 3.3 අලුත් version එක.කලින් අපි පාවිච්චි කලේ python 3.2 . ඒක සහ නව සංස්කරණය අතර ලොකු වෙනසක් නැති  බවත් කියන්න ඕනේ.
python වල variables  භාවිතා කරන ආකාරය ගැන අපි කලින් අපි මුලික හැඳින්වීමක් කලා.අපි දැන් විශේෂයෙන්ම අංක භාවිතා කරන ආකාරය සහ ගණිතකර්ම සිදු කරන ආකාරය තමයි කියන්න යන්නේ. python වල  විවිධ කටයුතු සඳහා විවිධ data types භාවිතා වෙනවා.මේවගෙන් integer ගෙන කලින් කතාකලා.
අපි ඊ ලඟට බලමු float කියන data type එක ගැන.
අපි float පාවිච්චි කරන්නේ දශම සහිත අංක බාවිතාකරන විටයි.
උදා-
>>> type (3.2)
<class 'float'>
>>>
ඒ වගේම සංකීර්ණ සංක්යා වලටත් data type එකක් තියෙනවා.ඒ තමයි complex කියන type එක.මම මෙහිදී සංකීර්ණ සන්කයා ගෙන විස්තර කරන්න යන්නේ නැහැ.
>>> type (12j+45)
<class 'complex'>
>>>

මෙහි අතාත්වික කොටස අවසානයේ j අකුර ඇතුල් කලයුතු වනවා. තාත්වික කොටස සාමාන්‍ය පරිදිම ඇතුල් කරන්න පුළුවන්.

මුලික ගණිත කර්ම

එකතු කිරීම සහ අඩු කිරීම.
ඔබට අවශ්‍ය අංක පහත ආකාරයට එකතු කිරීම සහ අඩු කිරීම කරන්න පුලුවන්.
>>> 3+3
6
>>> 123-456
-333
>>> a=12+34
>>> a-100
-54
>>> 100+23-78+22
67
>>>

දශම සංක්යා
>>> 12.4+34.32
46.72
>>> 3234.353+4235.2334
7469.5864
>>> 321.42-42342.432
-42021.012
>>>
මම හිතනවා ඔබට මෙය සිදු කරන ආකාරය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි කියල.

ගුණ කිරීම
මෙහිදී ගුණකිරීමේ ලකින ලෙස බාවිතා කරන්නේ * සලකුණයි.
>>> 12*3
36
>>> 23*3+2
71
>>> 12*34-34*2
340
>>>

දශම සංක්යා
 >>> 12.34*123.2
1520.288
>>> 213.23*32.3
6887.328999999999

 මේවිදියටඉතාවශාල සන්ක්යා දෙකක් උනත් ගුණ කරන්න පුළුවන්.අනිත් පරිගණක භාෂා වල මෙමෙ ලක්ෂණය දැකගන්න ලැබෙනවා හරිම අඩුයි.
>>> 321342432435325*234235325236
75269749173615706910361700
>>> 432523576347564786786357867386*435437864376893467893467398576
188337142377439842995185698195227942108465030121140613242336
>>> 54365346436546546547654754767678678676765765*3243267832763275625725672567256785
176321379314682987407847349856026907627070623366810443848533270449282051965525
>>>  
මෙය භාවිතාකරන ආකාරය වගේම අනිත් ගණිත කර්ම සමග මිශ්‍රව භාවිතා කරන ආකාරය ඔබට දැකගන්න පුළුවන්.


බෙදීම

මෙහිදී බෙදීමේ සලකුණ ලෙස භාවිතාකරන්නේ /සලකුණ.
 >>> 12/3
4.0
>>> 16/8
2.0
>>> 100/4
25.0
>>>
තවත් උදාහරණ කීපයක්
>>> 12/5
2.4
>>> 123455/123
1003.69918699187
>>>

දශම සංක්යා
 >>> 12.34/234.1
0.05271251601879539
>>> 1234.345/23.45
52.637313432835825
>>>

Modulus Operation
මෙම ගණිත කර්මය තුලින් අපිට අංක දෙකක් බෙදුවම ඉතිරිය ලබාගන්න පුළුවනි.මේ සඳහා භාවිතා කරන්නේ % සලකුණ.
උදා-
>>> 5%3
2
>>> 12%3
0
>>> 123%12
3
>>> 

සංකීර්ණ සන්ක්‍යා සඳහා ගණිතකර්ම.
සාමාන්‍ය ගනිතකර්ම ම සාමාන්‍ය ආකාරයට භාවිතා කරන්න පුළුවන් පහත උදාහරණය බලන්න
>>> 12j-3+23j+12
(9+35j)
>>> (12j-1)*(22j+6)
(-270+50j)
>>> (34j-67)/(15j-23)
(2.7201591511936343+0.2957559681697614j)
>>>

 අංක විද්‍යාත්මක අන්කනයෙන් යෙදීම උදා- 12*1034 අපි python වල ලියන්නේ මෙහෙයි.
 >>> 12e34
1.2e+35
>>> 

මේවාත් සාමාන්‍ය විදියටම ගණිතකර්ම වලට භාවිතා කරන්න පුළුවන්.


අපි දැන් python වල ගණිතකර්ම කිරීම පිලිබඳ මුලික හඳුන්වාදීමක් කලා.
  මේ code කරපු idle එකේ photo එකක් පහත තිබෙනවා.මේක බලල හොද නරක ගැන comment එකක් දල යන්න.


No comments:

Post a Comment