අපි programe ලියනකොට විවිධ දේවල් දත්ත හැටියට ඇතුල් කරන්න වෙනවා.අපි ඒවා save කරල තියාගන්නේ variable වල.උදාහරණයක් විදියට අපි user ගේ id no එක data එකක් විදියට ගන්නවා කියමුකො. එතකොට අපිට එක idno කියල variable එකක save කරලා තියාගන්න පුළුවන්.ඊට පස්සේ අපිට id number එක ඕනේ වෙන වෙලාවට idno කියන variable එකට call කරලා අපිට අදාල අංකය ලබාගන්න පුළුවන්.
අපි python වල data types කිහිපයක් භාවිතා කරනවා.integer,float,string, ඒවගෙන් කිහිපයක්.
integer කියන data type එකේ ඕනෙම පුර්ණ සන්ක්යාවක් දාන්න පුළුවන්.ඒ කියන්නේ 2,3-4 ,-100 වගේ දශම නැති ඉලක්කම්.
float කියන data type එකේ ඕනෙම දශම සන්ක්යාවක් දල තියන්න පුළුවන්.
string කියන data type එකේ ඕනෙම character වර්ගයක ඕනෙම ප්රමාණයක් දල තියන්න පුළුවන්.උදාහරණයක් විදියට කාගෙහරි නම,ලිපිනය වගේ දේවල් දල තියන්නේ string වල.ඒ වගේම ගණිත කර්ම වලට පාවිච්චි නොකරන ඉලක්කම් උනත් දාල තියන්නේ string වල.(උදා - දුරකථන අංකය)
අපි දැන් බලමු variable එකක් declare කරන්නේ කොහොමද කියල.
අපි හිතමු a කියල variable එකක 30 කියන වලුඑ එක සවේ කරන්න ඕනේ කියල.එකට චොදේ එක ලියන්නේ මෙහෙමයි.(මම මෙතන ඉඳන් ලියන code ඔක්කොම ලියන්නේ idle එකේ. එකේ ප්රොම්ප්ට් එක තමයි >>> වලින් පෙන්න්නන්නේ)
>>> a=30
>>>
අපි දැන් බලමු a කියනvariable එක save වෙලාද කියල ඒකට මේ චොදේ එක ගහල බලමු.
>>> a
30
>>>
අපි කලින් print command එක පාවිච්චි කරලා තියෙනවා.අපි දැන් a කියන variable එක print කරන හෙටි බලමු.
>>>print (a)
30
>>>
ඕනෙම වර්ගයක variable එකක් declare කරන්නේ මේ විදියටම තමයි.'
උදා -අපි හිතමු ඔබේ නම සහ වයස variable වල save කරල ඒ variable print කරන්න ඕනේ කියල.එතකොට මෙහෙමයි කරන්නේ.
>>> name="amila sandaruwan"
>>> age=23
>>> print("your name ",name," your age ",age)
your name amila sandaruwan your age 23
>>>
මෙහි name කියන variable එක string එකක් ඒ වගේම age කියන variable එක integer එකක් හැටියටි සවේ වෙලා තියෙන්නේ.අපි string එකකට value එකක් දෙනකොට එක අපි දෙන්නේ " " සලකුණ ඇතුලේ.උදාහරණයක් විදියට ඉහත උදාහරණයේ amila sandaruwan කියන නම දීල තියෙන්නේ " " සලකුණ ඇතුලේ.
අපි කැමතිනම් අංකයක් උනත් string එකක් හැටියට දෙන්න පුළුවන්.උදාහරණයක් විදියට දුරකථන අංකයක් ගනිමුකෝ.
>>>tpno="071452960"
>>>
මෙහෙම " " සලකුණු ඇතුලේ දුන්නම ඕනෙම value එකක් ගන්නේ string එකක් විදියට.
>>> tpno
'071452960'
>>>
ඔබට string එකක් පෙන්නන්නේ ' ' සලකුණු ඇතුලේ එකෙන් ඉතාම පහසුවෙන් string එකක් හදුනා ගන්න පුලුවන්.එක ඔබට ඉහත උදාහරනයෙනුත් බලාගන්න පුළුවන්.අපි name කියන variable එක save කලෙත් string එකක් හැටියට.අපි බලමු එකත් පෙන්නන්නේ ඒ විදියටමද කියල
>>> name
'amila sandaruwan'
>>>
ඒ විදියටම ' ' සලකුණ ඇතුලේ තමයි එකත් පෙන්නන්නේ.
සාමාන්යයෙන් වෙනත් පරිගණක භාෂා වල අපි variable එකක් declare කරනකොටම data type එක අපි විසින් ලබා දෙනවා.නමුත් python වල එවැන්නක් සිද්ද වෙන්නේ නැහැ.ඒ වෙනුවට සිදුවෙන්නේ අපි variable එකට දෙන අගයට අනුව variable එකේ data type එක python compiler එක මගින් තීරණය කිරීම.අපිට අවශ්ය නම් එකම variable name එකේ පළමුව string එකකුත් පස්සේ integer එකකුත් උනත් save කරලා තියන්න පුළුවන්.
උදා-අපි මුලින් a කියන වරෙඅබ්ලේ එකේ 30 කියන integer එක සවේ කලා.
අප දැන් එකේම sahan කියන නම save කරමු.
>>> a="sahan"
>>> a
'sahan'
>>>
දැන් ඔබට පේනවා කලින් integer එකක් save වෙලා තිබුණු variable එකේ දැන් string එකක් save වෙලා තියෙන බව.
අපි ඊලඟට බලමු හරියටම variable එකක data type එක හඳුනාගන්නේ කියල.
මේ සඳහා python වලින් හඳුන්වා දුන්න method එකක් තියෙනවා.ඒ තමයි type කියන method එක.
අපි මේක භාවිතා කරන්නේ මෙහෙයි.
type (variable name එක )
උදා-
>>> type (a)
<class 'str'>
>>> type (name)
<class 'str'>
>>> type (age)
<class 'int'>
>>> height=1.45
>>> type (height)
<class 'float'>
>>>
data types ගැන දැනට කියන්න තියෙන්නේ මෙච්චරයි.ඔබට මේකේ නොතේරෙන තෙනක් තියෙනෙවනම් හරි මේකේ හොද නරක ගෙන හරි වෙන ඕනෙම දෙයක් ගෙන comment එකක් දල යන්න.මේ මුළු පොස්ට් එකේම code කරපු idle එකේ ෆොටෝ එකක් පහතින් තිබෙනවා.
Sunday, January 27, 2013
Saturday, September 15, 2012
Windows Command Prompt එක භාවිතා කරන්නේ මෙහෙමයි
windows එක්ක එන command prompt(CMD) එක සාමාන්ය users ල එතරම් පාවිච්චි කරන්නේ නැහැ .නමුත් programming කරනකොට command prompt එක පාවිච්චි කරන්න අපිට සිදුවෙන අවස්ථා එමටයි.ඒ වගේම සාමාන්ය users ලටත් command prompt එක බාවිතයෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් .
ඔබට start -->all programs --> accessories --> command prompt මගින් ඔබට command prompt එකට පිවිසෙන්න පුළුවන්.එහෙම නැත් නම් Run Window එකේ cmd කියල Run කරන්න.
එවිට ඔබට කලුපාට Background එකක සුදු පාටින් අකුරු සහිත window එකක් ලැබේවි.මෙහි ඔබට අවශ්ය Command එක type කර Enter Button එක එබීම තුලින් ඔබට අවශ්ය Command එක run කරගන්න පුළුවන්.
ඔබට මෙහි command ලියනකොට lower case හෝ upper case යන දෙ ආකාරයම පාවිච්චි කරන්න පුළුවන් .Windows වල Command Prompt එක
Command Prompt එකේ help කියල type කරල Enter කරල CMD එකේ පාවිච්චි කරන්න පුළුවන් Command සියල්ලම බලාගන්න පුළුවන් .මම මේ ලිපියෙන් මේ Command බොහොමයක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
සාමාන්යයෙන් DOS command එකක කොටස් තුනක් දැකගන්න පුළුවන්.
අපි දැන් Command එක එකක් ගැන සාකච්ඡා කරමු.
එක් partition එකකින් තව partition එකකට මාරු වීම.
partition එකේ label එකේ නම සමඟ colon(:) යොදන්න
උදා -ඔබට d කියන partition එකට මාරු වෙන්න අවශ්ය නම් d: යන command එක යොදාගන්න.
Command Prompt එකේ තිරය පිරිසිදු කිරීම.
ඔබ Command Prompt එක පාවිච්චි කරගෙන යනකොට එය ලැබුණු result වලින් පිරී යාවි.එවිට CLS Command එක භාවිතා කිරීමෙන් CMD එකේ තිරය පිරිසිදු කරගන්න පුළුවන්.
ඔබ සිටින Folder එකේ ඇති files සහ folders බලාගැනීම
මේ සඳහා ඔබට Dir command එක පාවිච්චි කරන්න පුළුවන්.එවිට ඔබ සිටින Folder එකේ ඇති සියලුම files සහ Folders බලාගන්න පුළුවන් .නමුත් ඔබේ folder එකේ files විශාල ප්රමාණයක් තිබෙනවානම් එක්වර මේ සියල්ල බලාගන්න අපහසුයි. එවිට Dir /p command එක භාවිතයෙන් එහි ඇති files සහ folders පිටුවන් පිටුව බලාගන්න පුළුවන්.එක පිටුවක් බලා අවසානයේ අනිත් පිටුවට යාමට key board එකේ ඕනෙම key එකක් press කිරීමෙන් පුළුවන් .
මේ තුලින් files සහ folders පිළිබඳ තොරතුරු රැසක්ම බලාගන්න පුළුවන්.
මෙහි මුලින්ම දැක්වෙන්නේ file එක හරි folder එක හරි හදපු දිනය.දෙවන column එකෙන් දැක්වෙන්නේ එය හදපු වෙලාවයි.තුන්වන column එකේ <DIR> යනුවෙන් තිබෙන්නේ Directories නැත්නම් Folders.ඉන් පසුව දක්වෙන්නේ එය file එකක් නම් පමණක් එහි size එක bytes වලින් .අවසානයටම file එකේ හරි folder එකේ හරි නම දැක ගන්න පුළුවන්.ඔබට අවශ්ය ඉතා සුළු විස්තරයක් පමණක් නම් dir /w command එක භාවිතා කරන්න පුළුවන්.

- Command Format
මෙය Command එකයි.මෙය තුලින් තමයි කල යුත්තේ කුමක්ද යන විදානය ලබා දෙන්නේ.
උදා-dir,cd
- Parameters
මේ තුලින් command එකට් අවශ්ය අතිරේක දත්ත ලබා දෙන්න පුළුවන්.
උදා-copy command එකට copy කල යුතු file එකේ නම සහ copy විය යුතු ස්ථානයේ path එක parameters ලෙස ලබාදිය යුතු වෙනවා.
- Options
options භාවිතා කිරීමෙන් අදාළ command එකට අතිරේක කාර්ර්යයන් පවරන්න පුළුවන්.සෑම option එකකටම පෙර ' / ' ලකුණ යොදාගතයුත් වෙනවා.
උදා: Dir /p
Dir /w
අපි දැන් Command එක එකක් ගැන සාකච්ඡා කරමු.
එක් partition එකකින් තව partition එකකට මාරු වීම.
partition එකේ label එකේ නම සමඟ colon(:) යොදන්න
උදා -ඔබට d කියන partition එකට මාරු වෙන්න අවශ්ය නම් d: යන command එක යොදාගන්න.
Command Prompt එකේ තිරය පිරිසිදු කිරීම.
ඔබ Command Prompt එක පාවිච්චි කරගෙන යනකොට එය ලැබුණු result වලින් පිරී යාවි.එවිට CLS Command එක භාවිතා කිරීමෙන් CMD එකේ තිරය පිරිසිදු කරගන්න පුළුවන්.
ඔබ සිටින Folder එකේ ඇති files සහ folders බලාගැනීම
මේ සඳහා ඔබට Dir command එක පාවිච්චි කරන්න පුළුවන්.එවිට ඔබ සිටින Folder එකේ ඇති සියලුම files සහ Folders බලාගන්න පුළුවන් .නමුත් ඔබේ folder එකේ files විශාල ප්රමාණයක් තිබෙනවානම් එක්වර මේ සියල්ල බලාගන්න අපහසුයි. එවිට Dir /p command එක භාවිතයෙන් එහි ඇති files සහ folders පිටුවන් පිටුව බලාගන්න පුළුවන්.එක පිටුවක් බලා අවසානයේ අනිත් පිටුවට යාමට key board එකේ ඕනෙම key එකක් press කිරීමෙන් පුළුවන් .
මේ තුලින් files සහ folders පිළිබඳ තොරතුරු රැසක්ම බලාගන්න පුළුවන්.
මෙහි මුලින්ම දැක්වෙන්නේ file එක හරි folder එක හරි හදපු දිනය.දෙවන column එකෙන් දැක්වෙන්නේ එය හදපු වෙලාවයි.තුන්වන column එකේ <DIR> යනුවෙන් තිබෙන්නේ Directories නැත්නම් Folders.ඉන් පසුව දක්වෙන්නේ එය file එකක් නම් පමණක් එහි size එක bytes වලින් .අවසානයටම file එකේ හරි folder එකේ හරි නම දැක ගන්න පුළුවන්.ඔබට අවශ්ය ඉතා සුළු විස්තරයක් පමණක් නම් dir /w command එක භාවිතා කරන්න පුළුවන්.
Friday, September 14, 2012
How to use Python Command line and IDLE
අපි start button එක click කරල start -> all
programs ->python3.2 location එකට ගියාම ඔබට පහත choices දැකගන්න පුළුවන් .
Python(command line)
Idle(python gui)
Module Docs
Python docs
මෙහි ඇති module docs වලට ගොස් open
browser වලට ගියහම python වල තියෙන
modules ගැන විස්තරයක් ඔබට
බලාගන්න පුලුවන්.
Python docs වල ඉතාම වැදගත් දේවල් ඔබට ඉගෙනගන්න පුළුවන්.එහි python 3.2
වල තියෙන අලුත් දේවල් ගැන
බලාගන්න පුළුවන් . ඒ වගේම python tutorial මෙහි තිබෙනවා.
Python command line එකට ගියාම පහත ආකාරයේ command line එකක් දැකගන්න පුළුවන්
.
මෙහි ඔබට python programs ලියල run කරන්න පුළුවන් .මෙහි ප්රෝග්රෑම්
එකක එක line එක ගානේ ලියල run කරන්න පුළුවන්.
ඒ වගේම මෙය සරල ගණිත කර්ම
කිරීම සඳහා ද පාවිච්චියට ගන්න පුළුවන්.
මෙය python program නිර්මාණය කිරීමට එතරම් හොඳ ක්රමයක් නොවුනත් ඔබට code
එකින් එක වැඩ කරනවද යන්න
බලාගන්න.ඉතාමත් හොඳ ක්රමයක්.
IDLE එකට ගියාම ඔබට එය python command line එකේම සරල graphical
interface එකක් කියල පෙනයි.නමුත්
මෙයින් ඉතාම විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්.ඔබට එයින් python command line එක තුල කරපු වේද සියල්ලම වාගේ කරගන්න පුළුවන්.
IDLE එක බාවිතයෙන් ඉතාම පහසුවන්
ඔබට python programs ලියන්න පුළුවන් .මෙය අනෙත් IDE වලින් සපයන ගොඩක් පහසුකම් ලබාගන්න පුළුවන්.
මෙහි File-> New Window වලින් අපට නව window එකක් ලබාගෙන Notepad එකේ වගේ programme ලියන්න පුළුවන් .
එහෙම ලියල Run ->Run Module path එකෙන් එහෙමත් නැත්නම් F5 key එක press කිරීමෙන් ඔබට code එක run කරගන්න පුළුවන්.
අපි ඉදිරි tutorials වලදී පාවිච්චි කරන්නේ IDLE එක.එම නිසා මෙය භාවිතාකරන ආකාරය ඔබ පුහුණුවෙන්න.
Friday, August 31, 2012
Say Hello to python
අපි දැන් python වලින් පලවෙනි program එක ලියන්නි යන්නේ.ඉස්සෙල්ලාම Notepad එක Open කරගන්න.(Notepad වෙනුවට programming වලටම හදපු Notepad++,gedit වගේ software එකක් පාවිච්චි කරනවානම් ඔබට ඉතාම පහසු වෙයි.මෙම software අන්තර්ජාලයෙන් නොමිලේ download කරගන්න පුළුවන්)
ඊට පස්සේ File menu එකේ save As වලට ගිහින් ඔබට අවශ්ය පාත් එක දීල helloworld.py කියන නමින් File එක Save කරගන්න.මෙහි py කියන extension එක තමා මේක python program එකක් කියල හදුනාගන්න භාවිතා කරන්නේ.එමනිසා ඔබ ඉදිරියට ලියන හැම program එකක් අගටම .py කියන කොටස එකතු කරන එක අත්යාවශ්යයි.ඒ වගේම Sava as type එකට All Files දෙන්න අමතක කරන්නත් එපා.
ඊට පස්සේ notepad එකේ print ('Hello World') යනුවෙන් type කරල save කරන්න. මේක තමයි පළමුවන python program එක. මේ program එකෙන් කරන්නේ Hello World කියල command prompt එකේ print කරන එක.හරිම සරලයි නේද?. ඔබ මීට කලින් වෙන programing language එකක් ඉගෙනගෙන තියෙනවනම් ඔබට මේ code එක කෙතරම් කෙටිද කියල තේරෙනවා ඇති. මම උදාහරණයක් විදියට මෙම code එකම java
වලින් ලියල පෙන්නන්නම්.
public class helloworld {
public static void main(String[] args) {
System.out.println("Hello World");
}
}
ඔබට දැන් තේරෙනවා ඇති python වල ඇති සරල බව.
අපි දැන් අපේ helloworld.py කියන program එක run කරල බලමු.
ඉස්සෙල්ලාම command prompt එක open කරගන්න.ඒ සදහා start->All programs->command prompt වෙත පිවිසෙන්න.ඊට පස්සේ command prompt එකෙන් ඔබ file එක save කරපු location එකට යන්න.
command prompt එකේ cd foldername යනුවෙන් type කිරීමෙන් ඔබට වෙනත් folder එකකට මාරු වෙන්න පුළුවන්.ඒ වගේම cd.. විධානය භාවිතයෙන් කලින් folder එකට මාරු වෙන්න පුළුවන්.dir කියන command එකෙන් ඔබ ඉන්න folder එක තුල තිබෙන files සහ folders බලාගන්න පුළුවන්.ඒ වගේම ඔබට වෙනත් partition එකකට යන්න ඕනේ නම් ඒ partition එකේ letter එක එක්ක : ලකුණ භාවිතා කරල partition එකට යන්න පුළුවන්.(උදා: d:)
ඔබට මේ command භාවිතා කරල ඔබේ file එක save කරල තියෙන තැනට යන්න.අපි හිතමු file එක save කරල තියෙන්නේ d කියන partition එකේ programming කියන folder එකේ තියෙන blog කියන folder කියල. එතකොට location එකට යන හැටි ඔබට පහත රූපයෙන් බලාගන්න පුළුවන්.(command prompt එක භාවිතා කරන විදිය ගෙන ලිපියන් මම ඉදිරියේදී මම ඉදිරිපත් කරන්නම්)
දැන් අපි අපේ පලවෙනි ප්රෝග්රෑම් එක රුන් කරල බලමු.සාමාන්යයෙන් බොහොමයක් language වල program එක compile කරල ඒ හැදෙන file එක run කිරීමයි. නමුත් python වල මේ දෙකම එකවර සිදු වෙනවා.
python helloworld.py යනුවෙන් type කර enter කිරීමෙන් ඔබට මෙම ප්රෝග්රෑම් එක run කරගත හැකියි.

Thursday, August 30, 2012
python හදුනාගනිමු
python කියන්නේ ඉතාම පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් භාෂාවක්.මෙය කොතරම් සරල උනත් python යොදාගෙන නිර්මාණය කරපු ඉතාම සංකීර්ණ programs ගොඩක් තියෙනවා.ඒ වගේම ඔබ කවදාහරි උබුන්ටු මෙහෙයුම් පද්ධතිය භාවිතා කරල තිබෙනවනම් එහි ගොඩක් software ලියල තියෙන්නේ python උපයෝගී කරගෙන බව ඔබ දැනටමත් දැකලා ඇති.මෙහි තිබෙන විශේෂත්වය වෙන්නේ අනිත් programming languages(විශේෂයෙන් c,c++,java වලට වඩා) වලට වඩා codes අවම වීම.
මෙම programming language එක ඔබට පහත ලින්ක් එකෙන් download කරගන්න පුලුවන්.මෙහි ඇති python නවතම සංස්කරණය Download කරගන්න.මම මේ පාඩම් මාලාවට භාවිතා කරන්නේ python 3.2 සංස්කරණයයි.
http://www.python.org/getit/
මෙය සාමාන්ය මෘදුකාංගයක් විදියටම ඔබට install කරගන්න පුළුවන්.ඔබට notepad වැනි text editor එකක් භාවිතා කරල හරි, නැත්නම් python සමග ඔබට ලැබෙන IDLE කියන මෘදුකාංගය භාවිතා කරලහරි ඔබට python වලින් program ලියන්න පුළුවන්
command prompt එකෙන් ඔබට programs run කරන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න.
පළමුව My Computer එකේ right click කරන්න.
එවිට ලැබෙන pop up menu එකෙන් properties click කරන්න.එවිට ලැබෙන window එකේ දකුණු පස ඇති Advanced system Settings මත click කරන්න.
එවිට ලැබෙන dialog box එකේ Advanced tab එකේ ඇති Environment Variables button එක click කරන්න. එවිට පහත Dialog box එක ලැබේ.
එහි System Variables වල path යන්න select කර Edit Button එක click කරන්න.එවිට පහත Dialog box එක ලැබේ.
මෙහි variable value හි අගට semicolon ලකුණ ( ; ) යොදා ඉන්පසුව python install කර ඇති folder එකහි path එක ඇතුල් කරන්න.සාමාන්යයෙන් c: හි python වැනි නමක් ඇති folder එකක් තුල python install(Ex-python 2.7 install වන්නේ python27 වූ folder එකක් තුලය, python 3.2 install වන්නේ python32 නම් folder එකක් තුලය. )
ඉන්පසු ok click කරන්න.(මෙහිදී ප්රවේසම් වියයුතු කරුණ වන්නේ variable values තුල දැනටමත් තිබෙන path ඉවත් නොවන අයුරින් අලුත් path එක ඇතුල් කිරීමයි.යම් හෙයකින් තිබෙන path ඉවත් උනොත් windows හි ක්රියාකාරීත්වයේ ගැටළු ඇතිවිය හැක.)
මෙම programming language එක ඔබට පහත ලින්ක් එකෙන් download කරගන්න පුලුවන්.මෙහි ඇති python නවතම සංස්කරණය Download කරගන්න.මම මේ පාඩම් මාලාවට භාවිතා කරන්නේ python 3.2 සංස්කරණයයි.
http://www.python.org/getit/
මෙය සාමාන්ය මෘදුකාංගයක් විදියටම ඔබට install කරගන්න පුළුවන්.ඔබට notepad වැනි text editor එකක් භාවිතා කරල හරි, නැත්නම් python සමග ඔබට ලැබෙන IDLE කියන මෘදුකාංගය භාවිතා කරලහරි ඔබට python වලින් program ලියන්න පුළුවන්
command prompt එකෙන් ඔබට programs run කරන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න.
පළමුව My Computer එකේ right click කරන්න.
එවිට ලැබෙන pop up menu එකෙන් properties click කරන්න.එවිට ලැබෙන window එකේ දකුණු පස ඇති Advanced system Settings මත click කරන්න.
එවිට ලැබෙන dialog box එකේ Advanced tab එකේ ඇති Environment Variables button එක click කරන්න. එවිට පහත Dialog box එක ලැබේ.
එහි System Variables වල path යන්න select කර Edit Button එක click කරන්න.එවිට පහත Dialog box එක ලැබේ.
ඉන්පසු ok click කරන්න.(මෙහිදී ප්රවේසම් වියයුතු කරුණ වන්නේ variable values තුල දැනටමත් තිබෙන path ඉවත් නොවන අයුරින් අලුත් path එක ඇතුල් කිරීමයි.යම් හෙයකින් තිබෙන path ඉවත් උනොත් windows හි ක්රියාකාරීත්වයේ ගැටළු ඇතිවිය හැක.)
Subscribe to:
Posts (Atom)